Parawahara Chandarathana Thera

පරවාහැර චන්දරතන නා හිමියන්ගේ ප්‍රංශයේ ගෙවුන ජීවිතය වසර තිහකට අධිකය. අද මෙන් නොව චීවරයක් හුරු පුරුදු නැතිඑදා යුරෝපය තුළ උන්වහන්සේට විදින්නට සිදුවුණු දුෂ්කරතා කිව නොහැකි තරම්ය. එකී දුෂ්කරතාවයන් විඳ දරාගෙන නොසැලී ඉදිරියට යෑම නිසා ලක්මවට උතුම් වූ මෙහෙවරක් කරන භික්ෂූන් වහන්සේ නමක් ජාතියට ඉතිරි විය. විවිධ මිනිසුන් මෙන්ම නොමිනිසුන් සමග ද උරෙන් උර ගැටෙමින් සිංහල ජාතියේ අනන්‍යතාවය ප්‍රංශයේ සටහන් කරන්නට උන්වහන්සේ .උත්සාහය අපරිමිතය.”මගේ ජීවිතය නිරතුරුවම අනුන් වෙනුවෙනි” යන්න නිතර සිහි කරන ලෙස බුදුරදුන් භික්ෂුන් වහන්සේලාට වදාළහ. එකී බුදුවදන සිය අරමුණ කරගත් නා හිමිපාණන් වහන්සේ අද ද සිය මව්බිම, රට, ජාතිය වෙනුවෙන් අඛණ්ඩ මෙහෙවරක නියැලී සිටිති.

Most venerable Chandaratana thera was born on September 10, 1954 in the village of Paravahera in Matara.

පරවාහැර චන්දරතන නා හිමියන්ගේ තිස් වසරකට අධික ජාතික ආගමික මෙහෙවරෙහි සුවිශේෂී අංගයක් වන්නේ විසි වසරක් පුරා සිදුකළ ශිෂ්‍යත්ව වැඩ සටහනයි. උන්වහන්සේගේ දරුවෙක්වන් දීසේක්සා පදනම හරහා වසර විස්සකට ආසන්න කාලයක් ලංකාවේ දිළිඳු දරුවන්ට මාසිකව ශිෂ්‍යත්ව ප්‍රධානය සිදුකරන ලදී. මේ සඳහා ප්‍රංශයේ වෙසෙන සිංහල මෙන්ම අනෙකුත් බෞද්ධ ජනතාව ද දැක්වුයේ නොමද සහයෝගයකි. ශිෂ්‍යත්ව වැඩ සටහන මහින් උන්වහන්සේ බලාපොරොත්තු වූයේ හුදු උගතුන් පිරිසක් බිහි කිරීම පමණක්ම නොවේ. ගුණ දහමින් පිරි උගතුන් බිහි කිරීමට උපකාර කිරීම උන්වහන්සේගේ අරමුණ විය. එහෙත් කල් යත්ම උන්වහන්සේ අවබෝධ කර ගත්තේ සිය පරම අරමුණ සාක්ෂාත් නොවන බවය. ශිෂ්‍යත්ව ලබා ගන්නා කාලයේ බොහෝ සිසුන්ගේ උතුම් අදහස් පසුව ගිලිහී යන බව අත්දැකීමෙන් දැනගත් උන්වහන්සේ සිය අරමුනෙහිම උකටලී වුහ. වඩා ඵලදායී, වඩා වැදගත් ජාතික කාර්‍ය භාරයක් පිලිබදව ශ්‍රී ලාංකිකයෙක් බිහි කළ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උත්කෘෂ්ට මෙහෙවරක් සිංහල ජාතියට උරුම වූයේ ඒ අනුව ය.

සිංහල ජාතිය වඳ වෙමින් යන ජාතියකි. ලෝකයේ විවිධ ජාතින් විවිධ රටවල ජිවත් වෙති. එහෙත් සිංහලයා ජිවත් වන එකම රට ශ්‍රී ලංකාවයි. එවන් අසරණ භාවයක සිටින සිංහලයන්ට ජාන මගින් උරුමව තිබෙන බොහෝ ගති සිරිත් නිසා තව තවත් ඔවුන් ව්‍යසනය කරාම ගමන කරයි. ශි ලංකාවේ සිංහල ජාතික අනන්‍යතාවය මේ තරම්වත් ආරක්ෂා වී තිබෙන්නේ පැරණි පරපුරේ මව්පියවරුන් අවම වශයෙන් දරුවන් පහක් වත් පවුලක තැනු නිසා ය. එසේ නොවුනා නම් පුංචි පවුල රත්තරන් යන අඩ බෙරයට නටන සින්හලයන්ගේ දෙවන පරම්පරාවට යන එන මං නැත. එදා මවුපියන්ගේ විවාහයේ ප්‍රධාන අරමුණ දරුවන් වූ අතර අද මවුපියන්ගේ අවසාන අරමුණ දරුවන් ය. සෑම පවුලකම සිටින්නේ එක් දරුවෙක් හෝ දෙදෙනෙකි. මේ නිසාම සිංහල ජාතියට සිදුවන්නට යන විපත දුටු නා හිමියන් පැරණි යතිවරුන්සේම ජාතික කාර්ය භාරය 2013 වසරේ සිට හැකිතාක් සිය උර මතට ගන්නට තීරණය කළහ. පසවි දරු දිරි අරමුදල නමින් අරමුදලක් බිහි වන්නේ ඉන් පසුව ය.

පරවාහැර නා හිමියන් තාමන් පරිහරණය කරනු ලැබූ මෝටර් රථය විකුණා ලබාගත ලක්ෂ විස්සක මුදල තැන්පත් කර 2013 වසරේ පොසොන් මාසයේ දී කොළඹ 7, ග්‍රෙගරි පාරේ, සම්පත් බැංකු ශාඛාවේ පසවි දරු දිරි අරමුදල නමින් ගිනුමක්‌ අරඹා උන්වහන්සේ පළමු අඩිතාලම දැමුහ. ඒ පසවි දරු දිරි අරමුදල හරහා 2013 දී හෝ ඉන් පසුව උපදින පස්වන දරුවා හේ ඊට වැඩි දරුවන් බිහි කරන පවුල් වලට අවසන් දරුවාට වසර 17 ක් පිරෙන තුරු මාසිකව රුපියල් 5000 ක දිරි දීමනාවක් ලබාදීම උදෙසාය. මෙම පරිත්‍යාගය සඳහා පවුල් තෝරාගන්නේ පහත සදහන් කොන්දේසි පදනම කරගෙන ය.

One Response to Parawahara Chandarathana Thera

  1. Hi, this is a comment.
    To get started with moderating, editing, and deleting comments, please visit the Comments screen in the dashboard.
    Commenter avatars come from Gravatar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *